Header Ads

Facebook Chat එකේ online අය විතරක් තියාගමු.




මේ Facebook chat window එක online ඉන්න උන් අස්සේ offline ඉන්න අයත් පෙන්නවා. ඉතින් chat කරන්න ගියාම හරිම වද කාරයි. මොකද offline ඉන්න අයගේ උඩ click වෙනවා ඒ chat history ඕන වෙනවා. මට මේක මාරම කරදරයක් වෙලා තිබ්බේ. ඒ නිසා මම අද Google එකේ හෙව්වා මේකට විසදුමක්. අන්තිමට මට හිතුනා මේකට පොඩි ජාවා script කැල්ල ලියලා මේ වද කාර offline ඉන්න කට්ටියව හංගල දාන්න. ඒ කියන්නේ chat එක online ඉන්න ය විතරක් පෙන්නන්න.  මම දැන් හදන්නේ ව script එකේ ඔයලට දෙන්න, වගේම කොහමද එක install කරගන්න හැටි කියල දෙන්න.

ඉස්සෙල්ලම පොඩි Add-on එකක් ඔයාලගේ Browser එකට Install කරගන්න ඕනේ. මෙන්න Chrome browser එක නම් ඔයාලා use කරන්නේ, මෙන්න මේ විදිහට Add-on එක Download කරගන්න කෝ.

Chrome Browser එක තියෙන අය මෙහෙම කරන්න.


ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Chrome Store එකේ තියෙන Tampermonkey Add-on එක Download කරගන්න. 

Download Tampermonkey


දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එයි. ඉතින් වෙන Add-on Install කරනවා වගේ, "Free"උඩ click කරලා install කරගන්න.


හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා, එකේ add කියන button එක click කරන්න.


add-on එක හරියට් install උනා නම් ඔයගොල්ලන්ගේ browser එකේ දකුණු අත පැත්තේ, Close button එකට යටින් මෙන්න මේ වගේ Icon එකක් දකින්න පුලුවම් වෙයි.


දැන් ඔය උඩ පෙන්න තියෙන icon එක උඩ ගිහිල්ල click කරලම මෙන්න මේ වගේ window එකක් open වෙනවා. එකේ කියන එක උඩ click කරන්න.



දැන් මෙන්න මේ වගේ window එකක open වෙනවා. 



එකේ සුදු පාට පසුබිමේ click කරලා backspace button එකේ ඔබලා ඔක්කොම තියෙන code ටික මකලා දාන්න.  backspace කියන්නේ අර enter button එකට උඩ තියෙන වම් අත පැත්තට ඊතලයක් තියෙන button එක තමා.

හරි දැන් මෙන්න මේ පල්ලෙහා තියෙන code එක සම්පුර්ණයෙන් copy කරලා මේ සුදු පාට පසුබිමේ clcik කරලා paste කරගන්න.


දැන් මේ photo එකේ තියෙන විදිහට code එක save කරගන්න.



 save කරනකොට මෙන්න මේ වගේ message එක්ක එනවා. එක OK කරන්න.



දැන් එන window එකෙන් code එක enable කරගන්න drop down මෙනු එකෙන් enable select කරගන්න. පල්ලෙහා තියෙන ෆෝටෝ එකේ විදිහට. අන්තිමට start button එක click කරන්න.



දැන් ඔයා ඔයාගේ Facebook home page එකට ගිහින් බලන්න මෙන්න මේ වගේ ඔයාගේ chat window එකේ දැන් online ඉන්න ය විතරක් පෙන්නයි.







Firefox Browser එක තියෙන අය මෙහෙම කරන්න.

ඉස්සෙලම මෙන්න මෙ ලින්ක් එකට් යන්න. මේ යන්නේ Firefox  Store එකේ තියෙන Greasemonkey Add-on එක Download කරගන්න. 



දැන් මෙන්න මේ වගේ window එකක එයි. එකේ මෙන්න මේ "Install Now " කියන button එක click කරලා add-on එක  install කරගන්න.



දැන් මෙන්න මේ වගේ message එකක් එනවා. මේක එන්නේ Firefox browser එක restart කරන්න කියල. ඉතින් "Restart now " කියන  button එක click කරන්න.


ඔන්න ඔක්කොම ඉවර වෙලා Browser එක restart උනාම මෙන්න මෙ වගේ icon එකක් එනවා close button එකට යටින්. ඒ කියන්නේ add-on එක හරියට install වෙලා කියන එක.

ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා තියෙන code එක copy කරගන්න. ඔක්කොම සම්පුර්ණයෙන්ම copy කරගන්න.


දැන් ඔය උඩ පෙන්න තියෙන icon එකට පොඩ්ඩක් එහායින් තියෙනවා පල්ලෙහට පොඩි ඊතලයක් එක  උඩ ගිහිල්ල click කරලම මෙන්න මේ වගේ window එකක් open වෙනවා. එකේ "New User Script" කියන එක උඩ click කරන්න.

දැන් මෙන්න මේ වගේ window එකක් එනවා. එකේ name එකට "Hide offline Friends" කියල හරි වෙන ඔයාට කැමති name එකක හරි දෙන්න. Namespace කියන එකට "..::Hide offline Friends in facebook Chat::..." මෙහෙම දෙන්න. අනිවා මේකම දෙන්න.  එකයි අනිත් එවයි හිස් ව තියන්න. මෙන්න මේ පල්ලෙහා තියෙන photo එකේ විදිහට. අන්තිමට OK button එක click කරන්න.


දැන් අර copy කරගත්ත theme එක මේ window එක paste කරලා Save button එක click කරන්න... ඊට පස්සේ ඒ window එක close කරලා දාන්න.



දැන් ඔයා ඔයාගේ Facebook home page එකට ගිහින් බලන්න මෙන්න මේ වගේ ඔයාගේ chat window එකේ දැන් online ඉන්න අය විතරක් පෙන්නයි.


ඔන්න එහෙනම් අපි තවත් Facebook එකට වැදගත් තවත් ජාවා script එකක හැදුවා. කට්ටිය comment එකකේ එහෙම  දාලා යන්න. මේ ජාවා script එක හොඳයිද කියල එහනම්.......................

2 comments:

Powered by Blogger.