Header Ads

Virtual PC වලින් වැඩ කරමු.

අද මම ලියන්නේ Virtual PC ගැන. ඇත්තටම Virtual PC කියන්න්නේ තමන් වැඩ කරන PC එක ඇතුලෙම තවත් PC හදා ගන්න පුලුවම් ක්‍රමයක් (තවත් සරලව කිව්වොත් Computer ක් අතුලේ තවත් Computer එකක්) . මෙකේ තියෙන වාසිය තමා ඔයාට ඔයගේ PC තියෙන OS එක තියෙන හාර්ඩ් ඩිස්ක් එක Format කරන්නේ නැතිව වෙන OS එකක් Run කරල බලන්න පුලුවම්. එවගේම ඒ OS එක Install කරලා ගන්න අත්දෑකිම ඒ විදිහටම අත්දකින්න පුලුවම්.

මෙකෙදි වෙන්නේ ඔයලගේ Physical PC එකේ තියෙන Resources වලින් තවත් PC එකක්( Virtual PC) හදන එක. එ කියන්නේ ඔයා ඔන්න ඔයගෙ  Physical PC එකේ මෙ Software use කරල Virtual PCඑකක් හදනව කියන්නකො. එතකොට Virtual PC එකේ  RAM එකට ඉඩ ගන්නේ ඔයගේ Physical PC එකේ තියෙන RAM එකෙන්. ඔයා අලුතෙන් හදන Virtual PCඑකේ HDD එකට ඉඩ ගන්නේ ඔයගේ  Physical PCඑකේ තියෙන HDD එකෙන්.මේ වගේ ඔයගෙ Physical PCඑකේ තියෙන වැඩිපුර තියෙන Resources  Use කරල ඔයාට Virtual PC 1 හො කිහිපයක හදා ගන්න පුලුවම්.  දැන් වෙනකොට මේක subject එකක් බවටත් පත් වෙලා තියෙනවා Virtualization කියල.

අපිට මේ වගේ Virtual PC  එකක හදාගන්න ඕනේ නම් අපිට ඒ සඳහා software එකක අවශ්‍ය වෙනවා. අනිත් සාමාන්‍ය පරිගණකයේ ස්ථාපිත කරලා තියෙන software වගේ. අපිට නිකම් PC එකේ හරි ලැප් එකේ හරි වැඩියෙන් RAM, HDD තිබ්බා කියලා බැ.

ඉතින් එක් එක් විවිද ආයතන වලින් මේ සදහා software නිර්මාණය කරලා තියෙනවා එක එක පහසුකම් තියෙන. ඉතින් අපේ අවශ්‍ය තාවය අනුව අපිට මේ software එක තෝරාගෙන ස්ථාපනය කර ගැනීමට පුලුවම්.
 හරි අපි දැන් බලමු මොනවද තියෙන software අපිට ඒවායින් Virtual PC  එකක් හදා ගන්න පුලුවම් කියලා.

Oracle ලගේ VM Virtualbox




මේක හදන්නේ Oracle කියන  සමාගම විසින්. මේකන් පුලුවම් ඔයාලට ලේසියෙන් හා පහසුවෙන් Virtual PC එකක් හදා ගන්න. දැනට අනිත් Virtual PC හදා ගැනීමට යොදාගන්න software අතර ඇති වැදගත් ගුණාංග ගොඩක් මේකේ අනතර් ගත වෙලා තියෙනවා.  අනිත් කාරණාව තමා  Oracle ලා මේක දෙන්නේ free. ඒ කියන්න මේ software එක download කරගන්න කිසිම මුදලක් අවශ්‍ය වෙන්නේ නැ. අන්න ඒ හේතුවත් හුගක් features තියෙන නිසාත් අනිත්  Virtual PC හදන්න පුලුවම් software අතර පළමු තැන අරගෙන තියෙනවා.

මේ VM Virtualbox කියන software එක windows operating system එක වගේම Linux, Solaris,  Mac OS කියන operating system  එකකත් කිසිම ප්‍රස්නයක් නැතුව වැඩ කිරීමේ හැකියාව පවතිනවා.

මේ පල්ලෙහා photo එකෙන් පෙන්නනේ VM Virtualbox  මුදුකාංගය Windows  operating system එකේ install කරලා, එම මුදුකාංගය බාවිතා කරලා Ubuntu 10.10 Virtual PC එක්ක හදලා තියෙන අකාරය.



පල්ලෙහා තියෙන photo එකෙන් පෙන්නනේ VM Virtualbox  මුදුකාංගය Mac OS X   operating system එකේ install කරලා, එම මුදුකාංගය බාවිතා කරලා Windows 7 Virtual PC එක්ක හදලා තියෙන අකාරය. 


පල්ලෙහා තියෙන photo එකෙන් පෙන්නනේ VM Virtualbox  මුදුකාංගය Linux/UNIX  operating system එකේ install කරලා, එම මුදුකාංගය බාවිතා කරලා Windows XP Virtual PC එක්ක හදලා තියෙන අකාරය. 


Oracle ලගේ VM Virtualbox එක මෙන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහින් නොමිලේ ඔයාලට download කරගන්න පුලුවම්.



 Parallels



මේක ගැන නම් කට්ටිය වැඩිය අහලා නැතුව ඇති. මොකද මේක ගැන දන්නේ Mac OS  operating system  එක use කරන අය. අනිත් සැම  Virtual PC එකක් හදා ගන්න තියෙන softeware වලට් වඩා මේකේ advance feature එකක් තියෙනවා. අනිත් හැම වැඩ සටහනක්ම Host පරිගණකය, එනම් අපේ physical පරිගණකය සමග කිසිදු සම්බන්දතාවයක් ඇත්තේ නැ. සම්බන්ද වෙන්නේ network connection එක කින් පමණි. එනම් තනිකරම ස්වාදීන පරිගණක දෙකක් විදිහට තමා ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ Virtual PC එකේ තියෙන දෙයක් කෙලින්ම physical පරිගණකයට copy කරන්න බැ. එසේ file හුවමාරු කර ගැනීමම අවශ්‍ය නම් pen drive එකක හෝ network එක හරහා තමා file එහා මෙහා කරගැනීමට සිදු වෙන්නේ. නමුත් මේ Parallels කියන මුදුකාංගය මගින් physical පරිගණකයත්   Virtual PC  ත් අතර Drag and drop මගින් File හුවමාරු කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම Mac OS එක තුල Windows applications mac dock එක බාවිතා කරලා run කිරීමේ හැකියාවක් Parallels කියන මුදුකාංගය හට තිබෙනවා. 

මෙන්න මේ video එක බලපුවාම ඔයලට තෙරුන් ගන්න පුලුවම් වෙයි මොනවගේ හැකියාවක් ද මේ Parallels කියන මුදුකාංගයට තියෙන්නේ කියලා.


මේ software එක නම් නිකම් (free) දෙන්නේ නම් නැ. මේක තමා Parallels ලගේ official web site එක. මේකට ගිහින් ඔයලට මේ  Parallels කියන එක ගැන තවත් තොරතුරු දැනගන්න පුලුවම් වගේම මේ මුදුකාංගය මිලදී ගැනීමටත් හැකියාවක් පවතිනවා. 

 Parallels official web site 

හරි හරි දැන් සල්ලි නැති අය දුක්  වෙන්න එපා. සල්ලි නැ කියලා මේ software එක ගන්න. මේ software එකේ crack කරපු එකේ ඔයාලට torrent එකෙන් free download කරගන්න පුලුවම්. ඔන්න එහෙනම් ලින්ක් එක.

Download Parallels cracked via torrent 


QEMU 






මේක නම් Free දෙනවා. මේක අනිත් Software වලට  වඩා හුගක් Special  එකක්. මෙක තියෙන්නෙ නම් Linux වලට විතරයි. මෙකෙ තියෙන Special එක තමා, මේක(KVM system) Kernel-based Virtual Machine එකක්. ඒ නිසා මෙ එකට කෙලින්ම Hardware Device  එක්ක Call කරන්න පුලුවම්. ඒක නිසා මේකෙන් අනිත් වලට වඩා හොන්දට(Smoothly) වැඩ කරන්න පුලුවම්. එක තමා මේ software එකේ තියෙන වැදගත් කම. නමුත් සාමාන්‍ය user කෙනක් ට මේ software එක තරමක් හසුරුවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය users ල අතර මේ වැඩිය නම් ජනප්‍රිය නැ. තරමක් පරිගණක පිලිබඳ දන්නා පුද්ගලයන් අතර පමණක් මේ software එක ජනප්‍රිය වෙලා තියෙනනේ.  

මෙන්න මේ පල්ලෙහා photo එකෙන් පෙන්නන්නේ QEMU කියන මේ software එක Linux operating system එකක් මත වැඩ කරන අකාරය. 



ඔයාලට මෙනන් මෙතනට ගිහින් තව ගොඩක් විස්තර QEMU  ගැන මෙනන් මේ site එකෙන් දැනගන්න පුලුවම්. මේක තමා QEMU ගේ official web site එක. 


මෙන්න මෙතනින් ඔයලට QEMU  Download කරගන්න පුලුවම්
 http://wiki.qemu.org/Download


Microsoft ලගේ Windows Virtual PC



මේක Microsoft ලගේ වැඩක්. මේ වගෙ දේයක් Micosoftලට හදන්න උනේ, Microsoftලගේ Windows Vista වැටුන නිසා. Vista හැදුවට එකේ හුගක් අව්ල් තිබුනා. ඉතින් Software developersලා Windows Vistaවලට හුගක් Software develop කලේ නෑ. මේක නිසා හුගක් කට්ටිය Windows XP වලම දිගටම වැඩ කලා. ඉතින් ඉට පස්සේ Windows 7 අවනේ. එත් තාමත් හුගක් අය XP වල වැඩ කලේ. මොකද එයල ගාව හුගක් තිබුනේ Xpවල විතරක් Run වෙන Software . ඉතින් Microsoftලටත් කොහොම හරි Windows 7 විකුන ගන්න ඔනේනේ. ඉතින් එකටයි මේගොල්ල එකටයි මෙක හැදුවේ.

මේක ගැන වැඩි විස්තර, Download කරගන්න මෙතනින් පුලුවම්.
http://www.microsoft.com/windows/virtual-pc/



Microsoft Server එකත් එක්ක එන Hyper-V





මේක එන්නේ නම් Windows Servr එකත් එක්කම. මේක Windows Server එකේ වෙනම Role එකක්.  එත් මෙකත් අපි කතා කරන Topic එකට අයිති නිසයි දැම්මේ. මෙකත් ලොකු වැඩක් කරනවා ලොකු Network එකක. මෙකත් Server  එකක් ව්දිහට ඔයලට Download කරගන්න පුලුවම්.

මේක ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්නකො.


හුගක් කට්ටිය Use  කරන VMware

මේක තමා හුගක් අය කරන Software එක. මෙකෙන් හුගක් දේවල් කරන්න පුලුවම්. එක නිසා තමා හුගක් අය මේක පාවිච්චි කරන්නේ. මෙකේ වර්ග 2ක් තියෙනව, එකක් තමා  VMware Player හාVMware Workstation. මේ දේකේ වැඩි වෙනස්ක් නම් නෑ.  VMware Player free එක ගන්න පුලුවම්. මෙකෙන් හුගක් Basic දේවල් තමා  තියෙන්නේ. එත් VMware Player  වල වලට වඩාAdvance හුගක් දේවල් තියෙනව VMware Workstation. නමුත් Free නම් ගන්න බෑ.තවත් ගොඩ්ක් අලුත් අලුත් දෙවල් මේ VMware ලා කරලා තියෙනවා දැන්. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ලම බලන්නකො.

මේක ගැන වැඩි විස්තර, Download කරගන්න මෙතනින් පුලුවම්.

##################################################################################
මෙම ලිපියේ සියලුම අයිතිය මා(W.M.L. Sandaruwan) සතු වන අතර, මෙම ලිපිය මගේන් අවසරයක් නැතිව වෙන යම් තැනක පල කිරිම, හො උපුටා ගැනිම සපුරා තහනම්ය.
##################################################################################

No comments

Powered by Blogger.